අපේ සටන් පාඨයෙන් අපිට ගහන ඒක සතුටක්; මහින්ද දේශප්‍රිය

අගෝ 12, 2019

    “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ තරුණයෝ“ සංවිධානය අද මැතිවරණ කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

    ඔවුන් ඉල්ලා සිටියේ, තම වයස අවුරුදු 18 සම්පූර්ණ වුවද, ඡන්ද අයිතිය හිමිවී නොමැති බවයි. උද්ඝෝෂකයන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට සන්දේශයක් බාර දුන්නේය. එහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා...

    “මැතිවරණ කොමිසමේ සභාපති ඉන්න කාලේ ආපු එකක් නොවෙයි මේක අපේ සටන් පාඨයක්. අපි තමයි මේක යෝජනා කළේ දැන් වැඩේ තියෙන්නේ අපේ සටන් පාඨය අපිටම අනෙක් පැත්තට ගැහෙන එක. ඒක සතුටට කරුණක්. අපිට අපේ සටන් පාඨය දාලා එතනින් එහාට ගෙනියන්න බැරිවුණාම කවුරු හරි ඒක අරගෙන අපට ඉදිරිපත් කරන එක සතුටට කරුණක්. අවුරුදු 18 සම්පුර්ණ වෙච්ච ගමන් තරුණයෝ ඡන්ද අයිතිය නැතිවෙන එක ගැන කතා කළේ 2012 විතර පුත්තලම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහුට ලියුමක් එවලා තිබුණා විශ්‍රාමික ග්‍රාම නිලධාරී වරයෙක්. ඒක පත්තරේ ගියහම ඒක අරගෙන ඒ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කතා කළා. ඒක උඩ තමයි පළමුවෙන්ම අපිට කතා කළේ මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ කොහොමද කියලා. මේ ප්‍රශ්නය හොඳින් අත්දැක්කේ මම 1991 මැයි මාසේ 11 වෙනිදා නැත්නම් 12 වැනිදා ඡන්ද විමසීමක් තිබ්බා. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම. ඒ ඡන්ද විමසීමේ තමයි තරුණයන්ට 40% කෝටා එක දුන්න ඡන්ද විමසීම. 88-89 කැරැල්ලෙන් පස්සේ කෝටි එක දීපු ඡන්දයෙන් 91 මැයි මාසේ ඡන්ද තිබ්බම පාවිච්චි කළේ 1989 ඡන්ද හිමි නාම ලේඛනය. ඒ කියන්නේ 1971 මැයි මාසේ 31 වෙනිදා හරි ඊට කලින් හරි උපත ලබපු අයට විතරයි ඡන්දේ හිමිවුණේ.“ යැයි මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    Last modified on සදුදා, 12 අගෝස්තු 2019 20:03

    Latest News