සජිත් පිළිගන්න බදුල්ලේ ජන රැළියක්

අගෝ 12, 2019

    එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ විශේෂ උත්සවය මේ වන විට බදුල්ලේදී ආරම්භ වී තිබේ.

    උත්සවය පැවැත්වෙන්නේ බදුල්ල වීල්ස් පාර්ක් ක්‍රීඩාපිටියේයි. මීට සුළු මොහොතකට පෙර සජිත් ප්‍රේමදාස මහතා එම ස්ථානයට පැමිණියේය. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් මෙම රැළිය සංවිධාන කර තිබේ.

    සජිත් ප්‍රේමදාස මහතා වේදිකාවට පැමිණීමෙන් පසුව ජනතාව විසින් සිය ගැටළු සටහන් කළ ලිපි ඒ මහතාගේ අතට ලබා දෙන ආකාරය දැකගත හැකිවිය.

    Last modified on සදුදා, 12 අගෝස්තු 2019 17:08

    Latest News