අයිස් හා හෂීස් සමග 2ක් පොලිස් දැලේ

ජූලි 29, 2019

    අයිස් හා හෂීස් වර්ගයේ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනිණ.

    ඒ හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේදී. මෙහෙයුම සිදුකළේ නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්වයි. සැකකරුවන් සතුව අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 860ක් හා හෂීස් වර්ගයේ මිලි ග්‍රෑම් 360ක් තිබූ බවයි, නාවික හමුදාව පවසන්නේ.

    වැටලීම සිදුකරන අවස්ථාවේ ඔවුන් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිට තිබෙනවා. සැකකරුවන් සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

    Last modified on සදුදා, 29 ජූලි 2019 07:44

    Latest News