මිනිසා සඳ මත පා තබා අදට වසර 50ක් (වීඩියෝ)

ජූලි 20, 2019

    මිනිසා සඳ මහ පා තැබූ ඓතිහාසික සිදුවීමට අද හරියටම වසර 50ක් සපිරේ.

    1969 ජුලි 16 වැනිදා නීල් අම්ස්ට්‍රෝං, එඩ්වින් ඕල්ඩ්‍රින් සහ මයිකල් කොලින් ගගණගාමීන් තිදෙනා රැගත් ඇපලෝ -11 යානය පිටත් වූයේ, අමෙරිකාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන්. මෙහෙයුමේ නිරතව සිටි සමස්ත කාර්ය මණ්ඩලය ලක්‍ෂ 4කට අධිකයි. සැලසුම් කළ පරිදිම ජුලි 20 වැනි දින නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රින් රැගත් ඊගල් මොඩියුලය ඇපලෝ යානයෙන් වෙන්වී සඳ මත ස්ථානගත විය. ඉන් පිටතට පැමිනි ආම්ස්ට්‍රෝං පළමුවෙන් සඳ මත පා තැබුවේ මානව සංහතියේ දැවැන්ත පියවරක් සනිටුහන් කරමින්. 

    විනාඩි 19කට පසු එඩ්වින් ඕල්ඩ්‍රින්ද සඳ මත පා තැබීය. ඒ සඳමත පා තැබූ දෙවැන්නා ලෙස. ඔවුන් එහි ගතකළ පැය 21යි විනාඩි 36ක කාලය තුල සඳ මතුපිටින් එක්රැස් කළ පාංශු ද්‍රව්‍ය ප්‍රමාණය රාත්තල් 48කට ආසන්නයි. සමස්ත සිදුවීම් මාලාව ලොව පුරා කෝටි 65ක පමණ පිරිසක් රූපවාහිනියෙන් සජිව ලෙස නරඹා තිබේ. ජුලි 24 යළි පෘථිවියට ළඟාවීමෙන් පසු ගගණගාමීන් තිදෙනාට ජනතාවගෙන් හිමිවුයේ උණුසුම් පිළිගැනීමක්. සඳ මත පා තැබූ පළමුවැන්නා නීල් ආම්ස්ට්‍රෝං 2012 වසරේදී මෙලොවින් සමුගත්තේය. තාරකා විද්‍යාවට තවමත් ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටින එඩ්වින් ඕල්ඩ්‍රින්ගේ වයස දැන් අවුරුදු 89ක්.

    “සඳ මත පා තබන විට අපට දැනුනේ සපත්තු අඩිය මත විශාල බලයක් යෙදෙනවා වගේ දෙයක්. එය මට හරිම අමුතු අද්දැකීමක් වුණා“ යැයි එඩ්වින් ඕල්ඩ්‍රින් පැවසීය.

    Last modified on සෙනසුරාදා, 20 ජූලි 2019 20:25

    Latest News