නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටේ: වාහන ගමනට බාදා

ජූලි 19, 2019

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයට මාර ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු බාදා එල්ලවි තිබේ.

    එම මාර්ගයේ මවුස්සාකැලේ වත්ත ප්‍රදේශයෙන් ගස ප්‍රධාන මාර්ගයට කඩා වැටි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.

    ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ගස කපා ඉවත් කිරිමේ කටයුතු මවුස්සාකැලේ යුධ හමුදා කදවුරේ භට පිරිස්, නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලයේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව මේ වන විට ආරම්භ කර ඇත.

    මස්කෙලිය නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ අභියස ගස් විශාල ප්‍රමාණයක් ඇති බැවින් පවතින තද සුලං තත්ත්වයත් සමග ගස් හෝ ගස් අතු ප්‍රධාන මාර්ගයට කඩා වැටිමේ අවධානමක් පවතින බැවින් එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

    hatontrees1 px 900 19 07 19

    hatontrees2 px 900 19 07 19

     

    Latest News