ජංගල් බීච් මුහුදු තීරයේ හිරවු නෞකාව: නාවික හමුදා පරික්ෂණ අරඹයි

ජූලි 19, 2019

    රූමස්සල ජංගල්බීච් මුහුදු තීරයේ ගල් පරයක සිරවී ඇති ග්ලෝරී ටු ගෝ නෞකාව මුදා ගැනිමේ මුලික පරික්ෂණ නාවික හමුදාව විසින් ආරම්භ කර තිබේ.

    ගාල්ල රුහුණු සිමෙන්ති කම්හලට ක්ලින්කර් ගෙනා මෙම නෞකාව ගාලු වරායට පිටත සිමාවේ නැංගුරම් යොදා තිබීය දී ඊයේ පස්වරුවේ මුහුදේ ඇති වු රළුවීම හේතුවේන් නැංගුරම් වලින් බිදී ගාල්ල උණවටුන රූමස්සල ජංගල්බීච් මුහුදු තීරයට ගසාගෙන ගොස් තිබිණි. අනතුරුව උණවටුන සාම චෛත්‍යය පාමුල ගල් පරය අසල සිරවී විය.

    මෙම නැවේ ඇති ඉන්ධන මගින් සිදුවිය හැකි පාරිසරික බලපෑම සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳව නාවික හමුදාව ක්‍රියාත්මක සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමන්ඩර් ඉසුරු සුරිය බණ්ඩාර රූපවාහිනියට පැවසියිය.

    ඊයේ පසවරුවේ නෞකාව නැංගුරම් වලින් මිදි යන් අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලයේ 08ක් සිටි අතර තිදෙනෙකු මහවැසි නොතකා රූමස්සල ප්‍රදේශවාසීන්ගේ සහයෙන් කඹ යොදාගනිමින් බේරාගෙනින. පසුව පැමිණි නාවික හමුදා කණ්ඩායමක් මැදිහත්ව ඉතිරි පිරිස බේරා ගැනීමට සමත් විය. නෞකාවේ ආරක්ෂාව සදහා නාවික හමුදා නිලධාරීන් යොදවා ඇත. මුහුදේ තත්වය සාමාන්‍ය අතට හැරුණු පසු ඉදිරි ක්‍රියා මාර්ග වෙත එළබෙන බව නාවික හමුදා පවසයි. මේ වන විට උණවටුන රූමස්සල ජංගල් බීච් මුහුදු ප්‍රදේශය රළු ස්වභාවයක පවති.

     

     

     

     

     

     

     

     

     

    Latest News