නිදන් හෑරූ දෙදෙනකු පොලිස් අත්අඩංගුවට

ජූලි 19, 2019

    මොනරාගල පොලිස් බල ප්‍රදේශයේ වැලියාය ප්‍රදේශයේ ඇල මාර්ගයක් අසල නිදන් සොයා කෑනිම් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට දිසා පුරාවස්තු ආරක්ෂක විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් එම ස්ථානයේ දින ගණනාවක සිට කැනීම් සිදුකර ඇති අතර සැකකරුවන් සන්තකයේ තිබී නිදන් හැරීම සඳහා යොදාගත් උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

    සැකකරුවන් දෙදෙනා මොනරාගල වැලියාය ලිපනයේ පදිංචි වයස අවුරුදු 34 සහ 52 යන වයස්වල පසුවන්නන් වන අතර, සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මොනරාගල පොලිසියට භාර දී ඇත.

    සැකකරුවන් අද (19) මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මොනරාගල පොලිසිය විසින් ඉදිරි විමර්ශන මෙහෙය වන බව පැවසේ.

    Latest News