ගිනිගත්හේන නාය යෑමෙන් අතුරුදන් වූ පුද්ගල මළසිරුර හමුවේ

ජූලි 19, 2019

    ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් නායයාමෙන් අතුරුදහන්ව සිටි ව්‍යපාරිකයාගේ සිරුර සොයා ගැනේ.


    ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් නායයාමෙන් අතුරුදහන්ව සිටි ව්‍යාපාරිකයාගේ සිරුර යුධ හමුදාව පොලිසිය ප්‍රදේශවාසින් එක්ව සිදුකල මෙහෙයුමකදී නායයාමෙන් කඩා වැටිමට ලක් වු ගොඩනැගිල්ලේ සුන්බුන් අසල තිබි අද (19) උදෑසන සොයාගනු ලැබීය.

    මෙසේ සොයාගැනු ලැබුවේ නායයාමට ලක් වු වෙළදසැල් 10 න් මුළුතැන්ගෙයි උපකරණ අලෙවිසැලක අයිතිකරු වන අඹගමුව ප්‍රදේශයේ පදංචි කාල්ඩින් මෙහොමඩ් ජමල්දින් නැමති 64 හැවිරිදි අයෙකුගේ සිරුරයි.

    පශ්චාත් මරණ පරික්ෂණය සඳහා සිරුර නාවලපිටිය මුලික රෝහල වෙත යවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය පරික්ෂණ පවත්වයි.

    නායයෑමට ලක් වු වෙළඳසැල් සහ ඊට යාබදව පිහිටි වෙළදසැල් ගණනාවක් නායයමේ අවධානමක් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මිට ප්‍රථම හඳුනාගෙන එම වෙලදසැල් හිමියන්ට ඉන් ඉවත් වෙන ලෙස අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබිණ.

    මෙසේ නාය ගොස් ඇත්තේ, ගිනිගත්හේන පොලීසිය අසල ගිනිගත්හේන මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසක්.

    ප්‍රධාන මාර්ගයේ කොටසක් ද නායයාමේ අවධානමක් පවතින නිසා පොලිසිය ඉදිරිපිට සිට ගිනිගත්හේන බස් නැවතුම්පොල දක්වා මහනුවර මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා තිබේ.

    එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹ මාර්ගය දෙසට ගමන් කර බස් නැවතුම්පොල හරහා ප්‍රධාන මාර්ගයට පිවිසෙන ලෙසයි, ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

    අද (19) අළුයම 2.00ට පමණ මෙම නාය යාම සිදු වූ බව ගිනිගත්හේන පොලීසිය සඳහන් කරයි.

     

    ginigath hena 2 px 900 19 0

     

    ginigath hena 2 px 900 19 0

     

    ginigath hena 2 px 900 19 0

     

    ginigath hena 2 px 900 19 0

    Latest News