කොළඹ අලුත්කඩේ උසාවියට අලුත් තැනක්

ජූලි 19, 2019

    කොළඹ අලුත්කඩේ අධිකරණ ගොඩනැගිලිවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හා එම ගොඩනැගිලි මේ වනවිට අබලන් තත්වයට පත්වීමට විසඳුම් වශයෙන් අධිකරණ පියස නව ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා අක්කර 06 ක ඉඩමක් මේ වනවිට වෙන් කර තිබේ.

    ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව ඇත.

    කොළඹ අලුත්කඩේ අධිකරණ ගොඩනැගිලිවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හා එම ගොඩනැගිලි මේ වනවිට අබලන් තත්වයට පත්වීමට විසඳුම් වශයෙන් අධිකරණ පියස නව ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා අක්කර 06 ක ඉඩමක් මේ වනවිට වෙන්කර තිබේ.

    ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව ඇත.

    ඒ අනුව පවතින අබලන් අධිකරණ ගොඩනැගිලි වෙනුවට තට්ටු 12 කින් යුත් අධිකරණ ශාලා 40 කින් යුත් ගොඩනැඟිල්ලක්, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කටයුතු සඳහා තට්ටු 08 කින් යුත් ගොඩනැඟිල්ලක්, විනිසුරුවරුන්ගේ පුහුණුවීම් කටයුතු වෙනුවෙන් පුහුණු මධ්‍යස්ථානයක් සඳහා තට්ටු 08 කින් යුත් ගොඩනැඟිල්ලක්, හා නව නීති මධ්‍යස්ථානයක් සඳහා තට්ටු 08 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදි කිරිමට නියමිතයි.

    රුපියල් ඩොලර් මිලියන 94.55 ක මුදලක් අධිකරණ පියස ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීමට වෙන් කර තිබේ.

    Latest News