පිටි සමාගම් විසින් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 7.54 කින් ඉහළ දැමීමට සමගාමිව රුපියල් 8 කින් පමණ වැඩිවීමක් සිදුවන බව ඊයේ එම සංගමය පැවසීය.
මේ හේතුවෙන් පාන් මිල රුපියල් 5 කින් වැඩි කිරීමට තීරණය කළ බවත්, විකල්පයක් බේකරි හිමියන්ට නොමැති බවත් ඔවුන් වැඩිදුරටත් පැවසීය.
තිරිඟු පිටි මිල වැඩි කිරීම නීති විරෝධි බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ පැවසියීය. කිසියම් නිෂ්පාදකයෙකු, ආනයනකරුවෙකු, අසුරන්නෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු තිරිඟු පිටි සඳහන් කර ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළෙඳාම් සඳහා ප්රදර්ශනය කිරීම නොකළ යුතු බවට ද නියම කෙරිණ. ඒ, පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ, අංක 20(5) වගන්තිය යටතේ.