අලි-ඇතුන් නරඹන්න කවුඩුල්ලට යන්න

ජූලි 18, 2019

    ඔබ මේ දිනවල කවුඩුල්ල ජාතික උද්‍යානය නැරඹීමට යනවානම් විශාල රංචු වශයෙන් සිටින අලි-ඇතුන් රැසක් දැක ගැනීමට අවස්ථාව උදාවී තිබේ.

    මේ වනවිටත් දෙස්-විදෙස් සංචාරකයන් විශාල පිරිසක්, දිනපතා එහි පැමිණෙමින් සිටින බව අප වාර්තාකරු පවසයි. වන අලීන් 400ක පමණ රංචුවක්, මේ දිනවල සවස් කාලයේ දී කවුඩුලු වැව ආශ්‍රිත ප්‍රදේශයේ සැරිසරන අයුරු දැකගත හැකියි. අලි-ඇතුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිරීක්‍ෂණය කළ හැකි අවස්ථාව සංචාරකයන්ට උදාවී තිබේ. සංචාරකයන්ගේ පැමිණිම ඉහළයාම හේතුවෙන් මේ දිනවල විශාල ආදායමක් ලැබෙමින් පවතින බව කවුඩුල්ල ජාතික උද්‍යානයේ බාරකරු ප්‍රදීප් කුමාර හෙට්ටිආරච්චි මහතා පවසයි.

    පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ සංචාරක කර්මාන්තයේ සිදුවූ පසුබෑම ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් පවතින බව, රජය පවසයි. සාමකාමී වාතාවරණය සහ ආරක්‍ෂක තත්වය සම්බන්ධයෙන් අන්තර් ජාතික වශයෙන් ක්‍රියාත්මක කළ පුළුල් දැනුවත් කිරීම ඊට ප්‍රමුඛ හේතුවක් බව ඔහු කියා සිටී.

    Latest News