තිරිඟු පිටි මිල වැඩි කිරීම නීති විරෝධි (වීඩියෝ)

ජූලි 17, 2019

    තිරිඟු පිටි මිල වැඩි කිරීම නීති විරෝධි බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    අද සිට දිවයිනේ වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කරන්නන් සොයා වැටලීම් ආරම්භ කළ බව, එම අධිකාරිය කියා සිටී. 2016 ජූලි 14 දින නිකුත් කර ඇති අංක 1975/68 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව, තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 87ක්.

    කිසියම් නිෂ්පාදකයෙකු, ආනයනකරුවෙකු, අසුරන්නෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු තිරිඟු පිටි සඳහන් කර ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළෙඳාම් සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට ද නියම කෙරිණ. ඒ, පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ, අංක 20(5) වගන්තිය යටතේ.

    Up date - පාන් ගෙඩියක් 5කින් ඉහළට (11.00)

    අද (17) මධ්‍යම රාත්‍රීයේ සිට ග්‍රෑම් 450ක් වන පාන් රාත්තලක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇතැයි බේකරි හිමියන්ගේ සංගමය පවසයි. අද උදෑසන ජාඇල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා අද උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

    ඊයේ (16) මධ්‍යම රාත්‍රීයේ සිට පිටි සමාගම් විසින් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 7.54 කින් ඉහළ දමා තිබේ.

    ඒ අනූව, පාන් මිල රුපියල් 5 කින් වැඩි කිරීමට තීරණය කළ බවයි, සභාපතිවරයා පවසන්නේ. මිල වැඩි කිරීම පාන්වලට පමණක් බලපාන අතර, අනෙකුත් සුළු ආහාර සඳහා කිසිදු මිල වැඩිකිරීමකට සංගමයෙන් එකඟතාවයක් මෙතෙක් ලැබී නොමැති බව ද සභාපතිවරයා සඳහන් කරයි.

    Last modified on බදාදා, 17 ජූලි 2019 20:31

    Latest News