මත්කඩු තබා ගත් සැකකරු ජීවිතාන්තය තෙක් සිරගෙට

ජූලි 15, 2019

    හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.31ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

    ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි කංකානම් පතිරගේ සුරාජ් කුමාර නමැත්තාට මෙසේ දඩුවම් නියම විය.

    2014 වසරේ ජනවාරි මස 17 වනදා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම විත්තිකරු අත් අඩංගුවට ගෙන තිබිණ.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා පැමිණිල්ල විසින් විත්තිකාරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය. ඒ අනුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බව ද විනිසුරුවරයා තීන්දු කළේය.

     

     

    Last modified on සදුදා, 15 ජූලි 2019 15:37

    Latest News