උතුරේ ජනතා ඉඩම් හඳුනා ගැනිම ඇරඹේ

ජූලි 15, 2019

    උතුරේ ජනාධිපති මන්දිරය අවට මහජනතාවගේ ඉඩම් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය අද ආරම්භ කෙරිණ.

    ඒ, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතාගේ ප්‍රධානත්වයෙන්. යාපනයේ කන්කසතුරෙයි පිහිටි ජනාධිපති මන්දිරය අවට පොදු භූමියේ අක්කර 62 ක පෞද්ගලික ඉඩම් හඳුනා ගැනීමේ මිනුම් අද සිට ක්‍රියාත්මක කෙරේ.

    අක්කර 62 ක භූමිය කලාප හතරකට බෙදා, මැනීම සහ ප්‍රදේශයේ ජනතාවට ලබා දීමේ කටයුතු අද සහ හෙට සිදුවේ.

    මෙම අවස්ථාවට තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම්, උතුරු නාවික ආඥාපති රියර් අද්මිරාල් එස්. එම්. ඩි. කපිල සමරවීර මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහ අදාළ ඉඩම් හිමියන් ද එක්ව සිටිහ.

    northland1 px 900 19 07 15

    northland2 px 900 19 07 15

    Latest News