කඩුවෙල - කොල්ලුපිටිය වාහන ධාවනයට රෑට පැය 3ක් සීමා

ජූලි 15, 2019

    අද (15) රාත්‍රී පැය 03 ක කාලයක් කඩුවෙල, කොල්ලුපිටිය මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසයි.

    ඒ, කඩුවෙල, සංඛපිට්ටි විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහැර වීදි සංචාරය කිරීම හේතුවෙන්. අද රාත්‍රි 8.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුල පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. අදාළ කාල සීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    ඒ අනුව, කඩුවෙල දෙස සිට මාලඹේ දෙසට ගමන් කරනු ලබන වාහන කඩුවෙල මංසන්දියෙන් කොළඹ දෙසට ගමන් කර විහාරමාවත හංදියෙන් වමට හරවා මාලඹේ දෙසට ගමන් කිරීමට හැකියාව පවතියි. එමෙන්ම මාලඹේ දෙස සිට කඩුවෙල දෙසට ගමන් ගන්නා වාහන කොතලාවල විහාර මාවතෙන් හරවා, හංවැල්ල කොළඹ මාර්ගයෙන් ගමන් කිරීමට හැකි බව පොලිසිය සඳහන් කරයි.

    Last modified on සදුදා, 15 ජූලි 2019 14:41

    Latest News