බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

ජූලි 10, 2019

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ අද (10) රාත්‍රී ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, මන්නාරම, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර 107.5ක් වාර්තා වී ඇත්තේ, මාතර ඇහැලකන්ද ප්‍රදේශයෙන්. වියලි කාලගුණ තත්වයකින් පසුව වර්ෂාව පතිතවන විට ප්‍රබල අකුණු සැර ඇතිවිය හැකි බැවින්, ඉන් ආරක්‍ෂාවීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    Latest News