නැති තනතුරකට වැටුප් ගෙවූ වෙල්ගම ලබන 12 යළි අධිකරණයට

ජූනි 21, 2019

    ඉකුත් රජය සමයේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ප්‍රවාහන අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ජුලි මස 12 වනදා යළි කැඳවන ලෙස ොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම  කළේය.

    මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය.  එහිදී අල්ලස් කොමිසම හා විත්ති පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නඩුව නැවත ජුලි මස 12 වනදා කැඳවන ලෙසයි නියම කළේය.

    ඉකුත් රජය සමයේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ප්‍රවාහන අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබේ.

    Latest News