අත්අඩංගුවේදි මත්කුඩු පැකට්ටුව ගිල සිටි සැකකරු රෝහලේ දී මරුට

ජූනි 16, 2019

    වැල්ලම්පිටිය,නාගහමුල්ල ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමෙන් දී අයිස් ග්‍රෑම් 01ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු සිර මැදිරියේ රඳවා සිටිය දී අසනීප තත්වයක් ඇතිව ඇති අතර එහිදී පොලිස් නිලධාරීන්ට දන්වා ඇත්තේ අත්අඩංගුවට ඟැනීමට පෙර තමා සන්තකයේ තිබූ වෙනත් අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට්ටුවක් ගිල ඇති බවයි. ඒ අනූව සැකකරු ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ 38 හැවිරිදි නාගහමුල්ල, කොළොන්නාව, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි නවගමුවගේ රුවන් සංජීව පෙරේරා නමැති අයෙක්. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on ඉරිදා, 22 දෙසැම්බර් 2019 18:43

    Latest News