ඔස්ට්‍රේලියාවට පනින්න ගිය 41ක් මුහුදේදී මාට්ටු

මැයි 25, 2019

    නීතිවිරෝධීව මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයින් 41 දෙනෙකු නාවික හමුදා බාරයට ගැනිණ.

    ඒ දෙවුන්දරතුඩුව ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 715ක් දුරින් බහුදින යාත්‍රාවක් ගමන් කරමින් සිටියදී. මෙම පිරිස නීතිවිරෝධීව ඔස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වීමට උත්සහ දරා ඇති බව, නාවික හමුදාව පවසයි. පිරිමින් 35 දෙනෙකු කාන්තාවන් 6 දෙනෙකු ඇතුළත්ව ළමුන් 7 දෙනෙකු ද යාත්‍රාවේ ගමන් ගත් පිරිසට අයත්. ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් අදාළ ආයතන වෙත යොමු කර ඇත්තේ, නාවික හමුදා විමර්ශන කටයුතු හා වෛද්‍ය පරීක්ෂණවලින් පසුවයි.

    අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරවලට ආධාර හා අනුබල දුන් අපරාධකරුවන් නීතිවිරෝධීව රටෙන් සංක්‍රමණය වීම වැළැක්වීම නාවික හමුදාව නිරන්තර මුර සංචාරයන් හා අවේක්ෂණ කැමරා පද්ධති මගින් නිරීක්ෂණය කිරීම ඇතුළු ආරක්ෂක ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ.

     

    Last modified on සෙනසුරාදා, 25 මැයි 2019 12:37

    Latest News