1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සඳුදා මාධ්‍යයට

මැයි 23, 2019

    2020 පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය 27 (සඳුදා) මාධ්‍යයට නිකුත් කිරීමට තීරණය කෙරේ.

    ඒ අනුව, ඊට අදාළ පුවත්පත් දැන්වීම 28 අඟහරුවාදා පුවත්පත්වල පළ කිරීමට නියමිතව ඇති අතර අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට (www.moe.gov.lk) ද ඇතුළත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2019 14:12

    Latest News