සංවිධානාත්මක පහරදීම්වල අරමුණ, රජය අසීරුතාවට පත්කිරීම;අමාත්‍ය රංජිත්

මැයි 15, 2019

    පසුගියදා ප්‍රදේශ කිහිපයක සිදුවූ සංවිධානාත්මක පහරදීම්වල අරමුණ, රජය අසීරුතාවට පත්කිරීම බව අමාත්‍ය රංජිත් මද්දුම බන්ඩාර මහතා පවසයි.

    ඊට සම්බන්ධ පුද්ගලයින් ඉදිරියේ දී හෙලිදරව් කරන බව අමාත්‍යවරයා කියා සිටියේ, අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකදී.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය රංජිත් මදද්දුමබණ්ඩාර මහතා....
    පසුගිය 21 වැනිදායින් පස්සේ සති තුන ඇතුළත මේ රටේ පාලනය, මේ රටේ රාජ්‍ය සේවය, සංවර්ධන කටයුතු සියල්ල යථා තත්වයට පත්වුණා. ඒ, සති තුන ඇතුළත ඒ ත්‍රස්තවාදී සංවිධානයට අයත් සියළුම දෙනා වගේ අත්අඩංගුවට ගත්තා, අනෙක් අය සිය දිවි නසාගත්තා. ජනතාවට අවශ්‍යත්, ආණ්ඩුවට අවශ්‍යත් මේ රට සාමාන්‍ය තත්වයට ගේන්න. එදිනෙදා කටයුතු කරගෙන යන්න.

    අප්‍රේල් 21 වැනිදා මේ සිද්ධිය ඉවරවෙලා දවස් 22ක් යනකම් මේ රටේ කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්න රජයත්, විශේෂයෙන් ආරක්‍ෂක අංශත් ඉඩ දුන්නේ නැහැ. අපි දැක්කා 13 වැනිදා යම්කිසි සංවිධානාත්ම පිරිසක් යම් ක්‍රියාවලියක්, ක්‍රියාත්මක කරන්න. මේ කරපු අය බලන්නේ ආණ්ඩුව අසීරුතාවට පත්කරන්න. පරීක්‍ෂණ ඉවර වුණාට පස්සේ අපි කියනවා කවුද මේවට සම්බන්ධ කියලා“ යැයි අමාත්‍ය රංජිත් මදුද්මබණ්ඩාර මහතා පැවසීය.

    Latest News