ශ්‍රී.ල.නි.ප. යෝජනාවලිය විපක්‍ෂ නායකවරයාට

මැයි 15, 2019

    ජන කොටස් සහ ආගම් අතර මිත්‍රත්වය වර්ධනය කරමින්, ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දැමීමට අදාළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ යෝජනාවලිය, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාට අද සවස බාරදෙනු ලැබීය.

    ඒ, මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් විජේරාම, මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී. අන්තවාදය සහ ඊට බලපෑ සාධක පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් නීතිරීති නොමැති බැවින්, අවශ්‍ය නීති සම්පාදනය කිරීම මෙම යෝජනා මාලාවේ අන්තර්ගතයි. මේ පිළිබඳව මන්ත්‍රීවරුන් විසින් විපක්‍ෂ නායකවරයා දැනුවත් කරනු ලැබීය. ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ද මේ සඳහා ලබාදෙන ලෙස ඔවුන් විපක්‍ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

    Last modified on බදාදා, 15 මැයි 2019 20:15

    Latest News