ඇඳිරි නීතිය කඩකරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියා කරනවා;පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මැයි 15, 2019

    වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාසයට පමණක් අද රාත්‍රී 7.00 සිට හෙට අළුයම 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

    පොලිස් ඇඳිරි නීතිය කඩකරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියා කිරීමට ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට උපදෙස් දී ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

    “ඊයේත්, පෙරේදාත් වයඹ පළාතේ පොලිස් කොට්ඨාස කිහිපයක ඇතිවුණු නොසන්සුන්කාරී හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 78ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් 78ම අධිකරණවලට ඉදිරිපත් කරලා රක්‍ෂිත බන්ධනාගාරගත කරලයි තියෙන්නේ. මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වෙද්දි විමර්ශන සිදුවෙනවා. දැනටමත් පොලිසිය බාරයට ගෙන තිබෙන වීඩියෝ දර්ශන ගණනාවක් ඔස්සේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමේ කටයුතු සිදු වෙනවා.

    මේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ විමර්ශනවලදී ඉදිරියේ දී අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන්ගේ ඔවුන් රැකියාව කරන ආයතන වෙත අපි දන්වා යැවීමටත් තීරණය කරලා තිබෙනවා. ඔවුන්ව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව. ආයතනික වශයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමටත්, රැකියා කරන ස්ථානයට දැනුම් දීමට ඉදිරියේ දී කටයුතු කරලා තියෙන බව සඳහන් කරන්න අවශ්‍යයි අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගෙන දැනට රඳවා ගෙන සිටින සැකකරුවන් 85ක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයට, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය බාරයේ සිටින බව පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

    Latest News