බෝම්බ වෑන්රියේ ආසන සැකසීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට

මැයි 15, 2019

    කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අසළ තිබී ආරක්ෂක අංශ විසින් පුපුරවාහරින ලද බෝම්බ සවිකළ වෑන් රථය මිලදී ගැනීමට හා ආසන සකස් කිරීමට සම්බන්ධ වූ පුද්ගලයා කාන්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

    එම සැකකරු දුටු බව කියන පුද්ගලයන් සිව්දෙනෙකු ලබාදුන් ප්‍රකාශ මත, අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ පොලිස් නිලධාරියකු විසින් අඳින ලද ඔහුගේ රුව සහිත සිතුවම් ඔස්සේ සැකකරු හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මරාගෙන මැරෙන බෝම්බකරු සමග සම්බන්ධකම් පැවැත් වූ බව කියන මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි සැකකරුවකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ රුව සහිත සිතුවම් පසුගියදා නිකුත් කර තිබිණ.

    Latest News