කේරළ ගංජා සමඟ දෙකක් උතුරු මුහුදේ දී මාට්ටු

මැයි 15, 2019

    නාවික හමුදා විසින් අද (15) උතුරු මුහුදේ සිදු කළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 78.3 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන තිබේ. 

    උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද මාමුනේ, චැම්පියන්පත්තු මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදි මෙම කේරළ ගංජා තොගය සමඟ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම කේරළ ගංජා තොගය ඩිංගි යාත්‍රාවක් මඟින් මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සහ කර ඇති බවට සැක පළ කෙරේ.

    අත්අඩංගුවට ගත් පුද්ගලයින්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ.

    නාවික හමුදාව සාගර කලාපයේ ආරක්‍ෂාව වෙනුවෙන් සිදුකරනු ලබන මුර සංචාර වැඩිකිරීම සිදුකර ඇත. එ අනුව නිරන්තර සොදිසි කිරීම් හේතුවෙන් මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගැනිමට හැකිවූ නාවික හමුදාව පවසයි.

     

     

    Latest News