සහරාන්ගේ කණ්ඩායමේ තවත් පිරිසක් සොයමින් සිටිනවා....... ඇමති රුවන්

මැයි 15, 2019

    කතානායක කරු ජයසූරිය, වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන සහ නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් අද මහනුවරට පැමිණ මහ නාහිමිවරුන් බැහැදුටුවා.

    ඔවුන් පළමුව මල්වතු විහාරයට පැමිණියේය. එහිදී මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත්තේය. අනතුරුව, අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් හා ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. රටේ වත්මන් තත්වය පිළිබඳව එහිදී මහ නාහිමිවරුන් සමඟ සාකච්ජා කළේය.

    එහිදී අදහස් දැක්වූ කතානායක කරු ජයසුරිය මහතා...
    මේක තමයි අවස්ථාව රටේ සියලුම ජනතාවට දේශපාලන භේදයෙන් තොරව අත්වැල් බැඳගන්න. ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, විපක්‍ෂ නායකතුමාටත් විශාල වගකීමක් තියෙනවා මේ අවස්ථාවේදී මේ රට සන්සුන් කරන්න. මේ ව්‍යසනය තවත් පැතිරෙන්න ඉඩ නොදී රට ආරක්‍ෂා කරන්න විශාල වගකීමක් තියෙනවා. මේක අපේ යුතුකම“ යැයි කතානායකවරයා පැවසීය.

    අදහන් දැක්වූ රුවන් විජේවර්ධන මහතා...
    “මේ සහරාන්ගේ ත්‍රස්තවාදී කල්ලිය 95%-97% අත්අඩංගුවට අරගෙන තියෙනවා. තව කිහිප දෙනෙක් ඉන්නවා. ඒ ගැනත් අපි දැන් සොයනවා. ඊට අමතරව අපි තවමත් ඒ විමර්ශන කරගෙන යනවා. මේ කල්ලියට සහයෝගය දක්වමු. ඕන එක්කෙනෙක් අපි අල්ලා ගන්නවා. විවිධාකාර මත තියෙනවා මේ දවස් ටිකේ මේ රටේ. ත්‍රස්තවාදීන්ව රටින් තුරන් කරන්න අවශ්‍යයි. දේශපාලන වශයෙන් කිසිම ඇඟිලි ගැසීමක් මෙතන නැහැ“ යැයි වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසීය.

    Last modified on බදාදා, 15 මැයි 2019 19:09

    Latest News