ඩෑන් ප්‍රියසාද්ට ඇප

මැයි 15, 2019

    කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

    කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට පමුණුවනු ලැබීය. එහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ඉකුත් 13 වනදා මෙම සැකකරු මීතොටමුල්ල ප්‍රදේශයේ දී මුස්ලිම් ජාතිකයෙකුට බැන තර්ජනය කිරීමක් සිදුකර ඇති බවයි.

    ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කළ බවද පොලිසිය පැවසීය. විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ මෙය ඇප ලබාදිය හැකි වරදක් බැවින් සැකකරු ඇප මත මුදාහරින ලෙසයි. ඒ අනුව මෙම සැකකරුට එල්ල කර තිබෙන චෝදනාව ඇප ලබාදී ඇති වරදක් බැවින් ඔහු රුපියල් ලක්ෂ 5 බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සෑම ඉරු දිනකම පෙරවරු 09-12 අතර කොළඹ අපරාධ කොට්ඨාශයට වාර්තා කළ යුතු බවට නියම කළේය.

    එමෙන්ම ජාතීන් අතර සුහදවතා කඩාකප්පල් වන ආකාරය කටයුතුවල නිරත වීමෙන් වළකින මෙන් ද මහේස්ත්‍රාත්වරයා සැකකරු වෙත තවත් ඇප කොන්දේසියක් පනවනූ ලැබුවා. වැඩිදුර නඩු විභාගය ජුලි මස 09 වැනිදාට කල් තැබිණ.

    Latest News