සමාජ මාධ්‍යයේ වෛරය පැතිරවු 03ක් රිමාන් භාරයට

මැයි 14, 2019

    ජාතින් අතර අසමගිය සහ වෛරී භාවය ඇති වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළ තිදෙනෙක් මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සැකකරුවන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා අද පැවති ආරක්ෂක ප්‍රවෘත්ති සාකච්ඡාවේදි කියා සිටියේය.

    සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී ප්‍රකාශ සහ ජාතික සමගියට බාදා එල්ල වන ප්‍රකාශ ඉදිරිපත් කරණ පුද්ගලයින් සම්බන්ධයෙන් අඛණ්ඩව පරික්ෂණ ක්‍රියාත්මක බව ඔහු පෙන්වාදුනී

    Latest News