පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සැකකරුවෙක් ගැන විමසීමක්

මැයි 13, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව තවත් පුද්ගලයෙකු හඳුනා ගැනීම සදහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටි. මොහු කොච්චිකඬේ දේවස්ථානයට බෝම්බකරු පැමිණි වෑන් රථය මිලදී ගැනීමට සහ එහි නවීකරණයන් සඳහා සහභාගී වී සිටි අයෙකු බව පොලීසිය පවසයි.

    ආරක්ෂක අංශ විසින් පසුව ආරක්ෂිතව පුපුරුවා හැරුනේද අදාල වෑන් රථයයි. එහි ලියාපදිංචි හිමිකරු කිංගස්බරි හෝටලයේ පුපුරුවා හැරීම සිදුකල බෝම්බකරු බව තහවුරු කර ලත් බව පොලිසිය පවසයි.

    හදුනා ගැනීමට මහජන සහය පතන පුද්ගලයා වෑන් රථයේ නවීකරණය සඳහා ගොස් ඇත්තේ ද ඔහු සමග බවයි පොලීස් නිවේදනයේ දැක්වේ. අණාවරණ වූ සාක්ෂි වලට අනුව ඔහුගේ සිතුවම් 4 ක් නිර්මාණ කර තිබේ. ඒ අනුව ඔහු පිළිබඳ කිසියම් තොරතුරක් දන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසයි පොලීසිය ඉල්ලා සිටි.

    මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් 011 24 22 176 සහ 011 23 92 900 යන දුරකථන අංක ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ විස්තර ලබාදිය හැක.

    S 4

    Latest News