සමාජ මාධ්‍ය හලාවත කැළඹුණු හැටි

මැයි 12, 2019

    හලාවත නගර සීමාවට හෙට උදේ 6.00 දක්වා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය හෙට උදේ 4.00 දක්වා පමණක් පැනවීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

    ඒ, ප්‍රදේශයේ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන්. එය ඇතුළු රටේ ආරක්‍ෂක තත්වය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා....

    “හලාවත නගරයේ පුද්ගලයින් දෙදෙනෙක් එකිනෙකාට දොස් පවරා ගනිමින් මුහුණු පොත හරහා සිදුවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ගියා. මෙහිදී එක් පාර්ශ්වයක පුද්ගලයෙක් විසින් ඒ සමාජ මාධ්‍ය වෙත ඒ බහින්බස්වීම අතරතුරදී මුදවා හැර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට ප්‍රදේශවාසීන් එම පුද්ගලයාට අයත් වෙළෙඳ සැල අසළට එක් රැස්වී නොසන්සුන්කාරී තත්වයක් හලාවත නගරය තුළ ඇතිවුණා.

    ඒ තත්වය පාලනය කිරීමට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදුවුණා. එම ප්‍රදේශයේ තිබෙන තත්වය සැලකිල්ලට ගෙන හෙට පෙරවරු 6.00 දක්වා පනවා තිබූ ඇඳිරි නීතිය හෙට පෙරවරු 04.00 දක්වා පමණක් ඇඳිරි නීතිය පැනවෙනවා. මේ ප්‍රශ්නගත වූ ප්‍රකාශය මුදාහළ තැතැන්තාව අත්අඩංගුවට ගැනිමටත් කටයුතු කළා.

    Latest News