ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය අසළ ළිඳක තිබී කඩු 58ක් සොයා ගැනේ

මැයි 08, 2019

    මාලිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය අසළ ළිඳක තිබී කඩු 58ක් සොයා ගැණින.

    මාලිගාවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් නාවික කොට්ඨාසයේ කිමිදුම්කරුවන් යොදවා ළිඳ සෝදිසි කිරීමේ දී මේවා හමු වී තිබේ. නවතම කඩු 46ක්, පැරණි කඩු 12ක්, කිණිසි 04ක්, අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක්, ජීව උණ්ඩ සහිත කුඩා පිස්තෝලයක් සහ සංයුක්ත තැටි 26ක් ළිඳ තුළ තිබී සොයා ගෙන ඇත. කිමිදුම්කරුවන් තිදෙනෙකු සෝදිසිය සඳහා යොදා ගත් බව පොලිසිය පවසයි.

    Last modified on බදාදා, 08 මැයි 2019 20:39

    Latest News