එජාපයෙන් මැතිවරණයකට සූදානමක්;අමාත්‍ය නවීන්

මැයි 08, 2019

    එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ හා සියළුම ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ දී අද (08) උදේ පැවැත්විණ.

     

    ඒ, පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම රැස්වීමේ දී රටේ පවතින වත්මන් ආරක්‍ෂක තත්වය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ජා කර තිබේ. මීට අමතරව, ඉදිරි මැතිවරණවලදී පක්‍ෂයක් ලෙස ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමු කෙරිණ. රැස්වීමෙන් අනතුරුව, මැති-ඇමතිවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කිරීමට එක්වූහ.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නවීන් දිසානායක මහතා....

    “විශේෂයෙන් අපගේ යුද හමුදාවට අපගේ යෝජනාවක් සම්මත වුණා අපගේ ස්තුතිය ප්‍රකාශ කරලා. ඒ වගේම ඉදිරි මැතිවරණ ගැනත් පක්‍ෂය ඇතුලේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගැනත් අපි සාකච්ජා කළා. ඊළඟ මාස තුන හතරේ මේ උද්ගතවී ඇති තත්වයට මුහුණ දීලා ඉදිරියට දේශපාලන වැඩ කටයුතු සාර්ථකව කරගැනීමට එක තැනකට පක්‍ෂය ගේන්න අපට පුළුවන් වුණා“ යැයි නවීන් දිසානායක මහතා පැවසීය.

    Latest News