බස් ගාස්තුව ගැන තීන්දුව අද

නොවැ 07, 2018

    ඉන්ධන මිල පහළ දැමීමත් සමග බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ සාකච්ඡාවක් අද (07) පැවැත්වේ.

    ඒ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව හා බස් සංගම් නියෝජිතයින් අතරයි.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව එළැඹෙන තීරණය කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන බව යි.

    ඒසේම පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ, ඩීසල් මිල පහළ යාමෙන් වූ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට තම සංගමය කිසිදු විරෝධයක් නොදක්වන බව යි.

    බොහෝ දුරට සියයට 02ක ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් පවතින බවට තමා විශ්වාස කරන බව ද ඔහු පවසයි.

    Last modified on බදාදා, 07 නොවැම්බර් 2018 11:22

    Latest News