අලියෙක් නිසා ජනතාව දිවා රෑ භීතියෙන්

නොවැ 05, 2018

    දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ හබරණ මීගස්වැව, හිරිවඩුන්න,අවුඩන්ගාව,දිගම්පතහ ආදී ප්‍රදේශවල දිනපතා සැරිසරන තනි අලියෙකු නිසා ජනතාව  දිවා රාත්‍රී දැඩි භීතියට පත්ව සිටී.

    ප්‍රදේශවාසීන් කියා සිටින්නේ අලියා  දේපල වලට දැඩි හානි සිදුකරන බවයි. 

    මෙම තනි අලියා පසුගියදා (04) එළවළු සහ පළතුරු වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ කොට ඇති අතර ඒවා ආහාරයට ගෙන තිබේ.

    සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ සිටි අතර ඔවුන් කියා සිටියේ මෙම වන අලියා පලවා හැරීම සඳහා වීශාල අලි වෙඩි ප්‍රමාණයක් යොදා ගත්තද එම අලියාට   ඇස් නොපෙනීම හෝ කන් නොඇසීමේ ආබාධයකට ලක්ව ඇති බවට සැක පළ කරන බව යි.

    මෙම වන අලියා ගේ ඇඟ පුරාම වෙඩි වැදී බරපතල තුවාල රැසක් දැක ගැනීමට හැකියාව පවතින බව වනජීවී නිලධාරීන් පවසයි.

    සීගිරිය වනජීවී නිලධාරියෙකු කියා සිටියේ මෙම වන අලියාට සිදුව ඇති හානිය පිළිබඳව වන අලියා රැගෙන යෑමට අවශ්‍ය උපදෙස් බා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

    Elephant 750px 18 11 05 3

    Last modified on සදුදා, 05 නොවැම්බර් 2018 14:32

    Latest News