CID ප්‍රශ්න කිරීමෙන් පසු අමල් පෙරේරා මුදාහැරේ

අප්‍රේ 24, 2019

    update-ඩුබායිවලින් පිටුවහල් කිරීමෙන් පසු මෙරට දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට ගත් ගායක අමල් පෙරේරා ඇතුළු 3ක් ප්‍රශ්න කිරීම්වලින් පසු මුදාහැර තිබේ.

    (2018.04.23 පෙ.ව8.00) ඩුබාහි රාජ්‍යයෙන් පිටුවහල්කළ අමල් CID භාරයට

    ඩුබාහි පොලිස් අත්අඩංගුවේ සිට පිටුවහල් කෙරුණු ගායක අමල් පෙරේරා ඇතුළු 6 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියේය.

    ඒ යූ.එල්.226 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින්. සැකකරුවන් දිවයිනට පැමිණියේ අලුයම 5.00ට පමණ. ගායක අමල් පෙරේරා, ෂෙල්ටන් කළුපහන, මොහොමඩ් අස්මී, ධම්මික නුවන්, දීපාල් චමින්ද හා අමිල ප්‍රසංග යන සැකකරුවන් මෙලෙස දිවයිනට පැමිණියේය.

    ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය බාරයට ගෙන තිබේ. මේ වන විට ඔවුන්ගෙන් ප්‍රශ්න කෙරෙන බවයි, වාර්තා වන්නේ.

    Last modified on බදාදා, 24 අප්‍රේල් 2019 08:55

    Latest News