update-අද ගුවන්ගත වන්නන්ට පැය 4කට පෙර පැමිණෙන ලෙස දන්වයි

අප්‍රේ 21, 2019

    update-

    ගුවන් ගමන් වාර බලාපොරොත්තුවෙන් සිටින මගීන් නිශ්චිත වේලාවට පැය 4කට පෙර ගුවන් තොටුපල වෙත වාර්තා කරන ලෙස දැනුම් දී ඇත.

    විදේශ ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් ගුවන් යානය පිටත්වීමට නියමිත වේලාවට පැය 04 කට පෙර ගුවන් තොටුපළ වෙත පැමිණ සිටිය යුතු බවත්, එසේ පැමිණීමේ දී අනවශ්‍ය පුද්ගලයන් රැගෙන පැමිණීමෙන් වළකින ලෙසත් ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත.

    එසේම මේ වනවිට අද (21) දින උදෑසන 10.00 සිට ගුවන් මගීන්ගේ අමුත්තන් සඳහා වෙන්කර තිබූ පිටත්වීමේ සහ පැමිණීමේ පර්යන්ත වල පිහිටි ආලින්දය ශාලා වසා දමා ඇති බව වාර්තා වෙයි.

    ..................

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව අද (21)උදෑසන 10.00 සිට තර කිරීමට පියවර ගෙන ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කරයි.

    අද උදෑසන මඩකලපුව හා කොළඹ දේවස්ථානය දෙකක හා කොළඹ හෝටල් දෙකක් අසළ සිදුවූ පිපිරීම් හේතුවෙන්. 

    ඒ අනුව ගුවන් තොටුපළ වෙත පිවිසෙන මගීන් හැර වෙනත් කිසිවෙකු ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ඇතුළු කර නොගන්නා අතර, එසේ පැමිණෙන මගීන් සහ ඔවුන් රැගෙන එන ගමන් මලු ද දැඩි පරීක්ෂාවකට ලක් කරන බවද ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පවසා ඇති බවයි.

    ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ආරක්ෂාව සඳහා ද වැඩිපුර ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්, පොලිස්, ගුවන්, යුධ හමුදා නිලධාරීන් ද යොදවා ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    Last modified on ඉරිදා, 21 අප්‍රේල් 2019 12:21

    Latest News