නිධානයක් හාරා මැණික් ගත් 3කට මාංචු

අප්‍රේ 09, 2019

    නිධානයකින් ගත් බව කියන ගල් පෙට්ටියක් මැණික් ගල් 3 ක්,දේව රූපයක්, ගල් මොල්ගහක් සහ පුජා භාණ්ඩ රැසක් සමග පුද්ගලයින් තිදෙනෙක් මින්නේරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සැකකරුවන් විසින් නිධන් වස්තු අලෙවි කිරීමට ගිය අවස්ථාවේ පොලිසිය ලද තොරතුරක් අනුවයි වැටලීම සිදුකළේ. සැකකරුවන් ගිරිතලේ පදිංචිකරුවන්.

    භාණ්ඩ සහ සැකකරුවන් (09) හිඟුරක්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 09 අප්‍රේල් 2019 09:07

    Latest News