රහසේ ප්‍රවාහනය කළ වැලි කින්නියාවේදී පොලිස් දැලේ

අප්‍රේ 09, 2019

    කින්නියා, මයිලප්පන්චේනේ ප්‍රදේශයේ දී අවසරපත් නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    31 හැවිරිදි සැකකරු කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    වැටලීම සිදුකළේ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කින්නියා පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්වයි.

    ඔහු විසින් ප්‍රවාහනය කරමින් සිටි වැලි කියුබ් එකකට ආසන්න ප්‍රමාණයක් සමඟ ට්‍රැක්ටර් රථයක් නාවික හමුදාභාරයට ගැනිණ. සැකකරු හා භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා කින්නියා පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

    Last modified on අඟහරුවාදා, 09 අප්‍රේල් 2019 08:13

    Latest News