ලොහාන් රත්වත්තේ කොළඹ ජාතික රෝහලට

නොවැ 03, 2024
    රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා, ඊයේ රාත්‍රී ඇති වූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
    ඒ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශයන්ට අනුවයි.
    ‍බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රී ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ලොහාන් රත්වත්තේ මහතා මෙලෙස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවයි.
    නීති විරෝධී ලෙස විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවකට අදාළව ඔහු ඉකුත් 31 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවා.
    පසුව නුගේ‍ගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 7 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර තැබීමට නියම කෙරුණා.

    Latest News