ඡන්ද පත්‍රිකා බෙදාදීමේ විශේෂ දිනයක් අද

නොවැ 03, 2024
    මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස, අද ප්රකායට පත්කර තිබෙනවා.

    තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ, අද පස්වරු 6.00 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැරීමේ කටයුතු ක්රියාත්මක බවයි.

    මෙවර නිල ඡන්ද දැන්වීම් පත්රිකා සමග සියලු අපේක්ෂකයින්ගේ නාම ලේඛනය හා මනාප අංක ඇතුළත් දැන්වීම් පතක් ද බෙදාහැරෙනවා.
     
    නිල ඡන්ද දැන්වීම් පත්රිකා පමණක් බෙදාහැරීමට ලිපි බෙදීමේ කාර්යාල 2,090 ක් ක්රියාත්මකයි.
     
    කාර්ය මණ්ඩලය අටදහසක් පමණ යොදවා ඇති බවයි, නියෝජ්ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා සඳහන් කරන්නේ.
     
    නොවැම්බර් මස 7 වැනිදා තෙක්, නිවසින් නිවසට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැරීම සිදුකෙරෙන්නේ, තැපැල් දෙපාර්තමේන්තුව මගින්.
     
    යම් පුද්ගලයෙකුට 7 වැනිදායින් පසු නිල ඡන්ද දැන්වීම් පත්රිකාවක් ලැබී නොමැති නම්, තමන්ට ලිපි බෙදාහරින කාර්යාලයට ගොස් එය මහ මැතිවරණය පැවැත්වෙන නොවැම්බර් 14 වැනි දින දක්වා ලබාගත හැකි බවයි, තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
     
    ඒ සඳහා තම අනන්යතාවය තහවුරු කළ යුතුයි. හෙට දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ත්රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්ය ආයතනවල සිදුකිරීමට අවස්ථාව සලසා තිබෙනවා.
     
    අදාළ දිනවලදී තැපැල් ඡන්ද සලකුනු කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට, තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්රික්කයේ මැතිවරණ කාර්යාලවලදී ඡන්දය සළකුණු කිරීමට හැකියි.
     
    ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්යාව හත් ලක්ෂ තිස්හත්දහස් 902 ක්.

    Latest News