ස්පාඤ්ඤයේ ගංවතුරින් 200කට වැඩි පිරිසක් අතුරුදන්

නොවැ 02, 2024

    ස්පාඤ්ඤයට බලපෑ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයින් සොයා සහන කණ්ඩායම් අඛණ්ඩව මෙහුම් දියත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    මේ වනවිට ගංවතුරෙන් මියගිය සංක්‍යාව 200 ඉක්මවා තිබෙනවා. ගංවතුරින් විශාල ජිවිත සහ දේපල හානි වාර්තා වී ඇත්තේ වැලෙන්සියා නගරයෙන්. එම නගරයේ ඇති පාලම් විනාශ වී තිබෙනවා. ජලය, ආහාර හෝ විදුලිය නොමැතිව එම නගරයේ ජනතාව මහත් පිඩාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

    ගංවතුර අවදානම පිළිබඳව පළාත් පාලන ආයතන කඩිනමින් අනතුරු ඇඟවීමට කටයුතු කළේ නම් තවත් ජීවිත රැසක් බේරා ගැනීමට හැකිව තිබූ බව ප්‍රදේශවාසීහු මාධ්‍යට පවසා තිබෙනවා. වැලෙන්සියා නගරයේ අයහපත් කාලගුණය මේ වනවිට පහගොස් ඇති නමුත් අද දින සිට නැවත වර්ෂාව ඇදහැලෙනු ඇති බවටයි එරට කාලගුණ සේවාවන් අනතුරු අඟවා ඇත්තේ.

    මේ හේතුවෙන් සෝදිසි මෙහෙයුම් වලට බාධා ඇතිවිය හැකි බවත් නිවේදනයේ වැඩිදුරටත් සදහන්. මේ අතර ජෙරෙස් නගරයේ, අධික වර්ෂාව නිසා ගංගා මට්ටම් ඉහළ යාම නිසා පවුල් සිය ගණනක් ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කිරීමට බලධාරීන්ට සිදුව තිබෙනවා.

    ගලවා ගැනීමේ සහ පිරිසිදු කිරීමේ මෙහෙයුම් සඳහා දහස් ගණනක් ස්වේච්ඡා සේවකයන් ස්පාඤ්ඤ හමුදාවට සහ හදිසි සේවාවලට උදව් කරමින් සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

    Latest News