අනතුර වාර්තා වන්නේ, එහි නොවී සෑඩ් නගරයෙන්. ප්‍රධාන දුම්රිය ස්ථානයේ එළිමහනේ සවිකර තිබූ කොන්ක්‍රීට් වහලය කඩාවැටීමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ. කඩාවැටෙන අවස්ථාවේදී පුද්ගලයින් රැසක් උඩුමහල යට බංකුවල වැඩිවී සිට ඇති බවටයි වාර්තා වන්නේ.
පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ, ජාතිය අමතමින් එරට ජනාධිපති ඇලෙක්ස්ඇන්ඩර් වුසික් පැවසුවේ මියගිය සංඛ්‍යාව 14 ඉක්මවා නොයනු ඇති බවටයි. මියගිය අයගෙන් පස් දෙනෙකු තවමත් හඳුනාගෙන නොමැති බවත් ඔහු එහිදී කියා සිටියා.
මෙම සිද්දි පිලිබඳව පුළුල් පරිෂණ ආරම්භ කර ඇති බවත් වගකිවයුත්තන්ට දඩුවම් දෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා. මෙම දුම්රිය ස්ථාන ගොඩනැගිල්ල 2021 දී ප්‍රතිසංස්කරණය කරන ලද අතර මෙම වසරේ ජූලි 5 වන දින නිල වශයෙන් විවෘත කිරීම සඳහා මෙම වසරේ නැවත ප්‍රතිසංස්කරණය කෙරුනා. සර්බියානු රජය විසින් අද දින නිල ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.