අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද ඉදිරිපත්වීමෙන් අනතුරුව ඔහුගේ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළ කොළඹ මහාධිකරණය ඔහු අමතර ඇපයක් මත මුදා හරින ලෙස නියෝග කළා.
අද නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.
ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සඳහන් කළේ නඩුව කැඳවූ ඉකුත් 23 වනදා මෙම විත්තිකරු අධිකරණයට නොපැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දීම සඳහා ගොස් ඇති බවයි.
මෙහිදී විනිසුරුවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා මෙම විත්තිකරුට එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණයෙන් නියෝගයක් නිකුත් කරන්න තිබූ බවත් ඔහු ස්වේච්ඡාවෙන් ලබාදුන් පොරොන්දුවක් මත එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි බවයි.