විෂ සැමන් තොගය ප්‍රතිඅපනයනයට

ඔක් 12, 2024

    ආසනික විෂ සහිත සැමන් තොග රැගත් බහාලුම් 05, ප්‍රතිඅපනයනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

    අමෙරිකානු ඩොලර් 215,000 ක් පමණ වටිනා මෙම සැමන් තොගය, කලකට පෙර මෙරටට ආනයනය කළ තොගයක්. විෂ සහිත මෙම සැමන් තොගය, මෙරටදී විනාශ කිරීමට ඉඩ නොදෙන බව, පරිසර වනජීවී වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසනවා. මෙම විෂ සහිත සැමන් තොගය, ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගන්නා බවයි, එම අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍ර කිර්ති මහතා කියා සිටියේ.

    Latest News