නිලන්තට එරෙහි නඩුව අද කැඳවීමට නියෝග

ඔක් 07, 2024
    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල අද පස්වරු 1.30 ට කැඳවන ලෙස ශ්රේෂ්ඨාධිකරණය නියම කළා.

    පාස්කු ඉරු දින ත්රස්ත ප්රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව නියම වූ වන්දි මුදල් සම්පූර්ණයෙන් ගෙවා අවසන් නොකිරීම හේතුවෙන් මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ සත් පුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඉකුත්දා නිකුත් කළ නොතිසියකට අනූව නිලන්ත ජයවර්ධන මහතා අද අධිකරණයේ පෙනී සිටියා.
     
    එහිදී නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසන්දර මහතා අධිකරණයට දන්වා සිටියේ ගෙවීමට ඇති ඉතිරි වන්දි මුදල අද දිනයේ හානි පූර්ණ කාර්යාලයට ගෙවා ඊට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
     
    ඒ අනුව මුදල් ගෙවූ බව තහවුරු කරන ලේඛන අද පස්වරු 1.30 ට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කළ විනිසුරු මඩුල්ල ශ්රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව මුදල් නොගෙවන්නේ නම් අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යන බවත් සඳහන් කළා.

    Latest News