තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන ප්‍රකාශයට පත්කෙරේ

අගෝ 30, 2024

    ජනාධිපතිවරණයේදි තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා‍.

    ඒ අනුව සැප්තැම්බර් 4 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල වලදි තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතිනවා.

    සැප්තැම්බර් 4 සහ 6 යන දෙදින ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරි සහ සහකාරි පොලිස් අධිකාරි කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්යය බලකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශ වලදි නිල ඇදුම් කාර්ය මණ්ඩල සහ එම කාර්ය මණ්ඩල වලට අනුයුක්තව සේවය කරන සිවිල් කාර්ය මණ්ඩලයට තැපැල් ඡන්ද සළකුණු කිරීමේ හැකියාව පවතිනවා.

    සැප්තැම්බර් මස 5 හා 6 යන දෙදින ත්‍රිවිධ හමුදා කදවුරු සහ අනිකුත් සියලු රාජ්‍ය ආයතන වලද තැපැල් ඡන්ද සළකුණු කිරීමේ හැකියාව පවතිනවා.

    අදාළ දින වලදි තැපැල් ඡන්ද සළකුණු කිරීමට නොහැකි වු තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ ‍සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලදි සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින ඡන්දය සළකුණු කිරීමේ හැකියාව පවතිනවා.

    ඡන්දය සලකුණු කිරිම සදහා අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය වන අතර ඒ සඳහා ජාතික හැදුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැදුනුම්පත භාවිත කළහැක.

    රාජකාරි හැදුනුම්පත භාවිතා කරමින් යම් අයෙකු තැපැල් ඡන්දය සලකුණු කරන්නේ නම් එම ඡන්ද හිමියාගේ අනන්‍යතාව පරීක්ෂා කිරීම තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කාර්ය අධීක්ෂණයට තේරීම් බාර නිළධාරින් විසින් පත්කොට ඇති නිළධාරියා විසින් සිදුකරනු ඇත.

    එසේ නොවන අවස්ථාවකදී රාජකාරි හැදුනුම්පත ඉදිරිපත් කරන තැපැල් ඡන්ද හිමියන්ට ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා නොදිය යුතු බවට සහතික කිරීමේ නිළධාරින් වෙත මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

     
    77
     
    Last modified on සිකුරාදා, 30 අගෝස්තු 2024 11:21

    Latest News