දිනෙන් දින ඉහළ යන පැමිණිලි

අගෝ 27, 2024
    මෙවර ජනාධිපතිවරණයට අදාළව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

    ඒ අනුව මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 1052ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

    ඉන් පැමිණිලි 1006ක් මැතිවරණ නීතිරීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වන අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 04ක් සහ වෙනත් පැමිණිලි 42ක් ද ලැබී ඇති බව සඳහන් වනවා.
    මේ අතර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි.
    Last modified on අඟහරුවාදා, 27 අගෝස්තු 2024 07:56

    Latest News