බංග්ලාදේශය කබලෙන් ලිපට

අගෝ 24, 2024

    අයහපත් කාලගුණය හේතුවෙන් බංග්ලා‍දේශයේ නැගෙනහිර පළාතේ මරණ 13 ක් සිදුව ඇතැයි එරට මාධ්‍ය පවසනවා.

    පවතින අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්වය මෙම මරණවලට හේතුව බවයි වාර්තා වන්නේ. ගංවතුර හේතුවෙන් දිස්ත්‍රික් 08ක ලක්ෂ 45කට අධික පිරිසක ජනතාවක් අවතැන්ව සිටිනවා. අවතැන්වූවන් සඳහා ආරක්ෂිත ස්ථාන 3,176ක් ස්ථාපිත කර ඇති බවත් විශේෂ වෛද්‍ය කණ්ඩායම් 639ක් යොදවා ඇති බවයි වාර්තාවන්නේ.

    වසර 30කට පසුව ඇතිවූ දරුණුතම ගංවතුර තත්ත්වය මෙය බවයි එරට මාධ්‍ය පවසන්නේ. බංග්ලාදේශ ආපදා කළමනාකරණ ඒකකය හමුදා සහය ඇතිව විපතට පත්වූවන් බේරාගැනීමේ මෙහෙයුම් සිදුකරනු ලබනවා.

    Latest News