නුවර මහා මංගල්‍යයේ දෙවැනි කුඹල් පෙරහර අද

අගෝ 11, 2024
    මහනුවර ඇසළ පෙරහර මංගල්යය ඊයේ (11) ආරම්භ වුණා. ඒ පස්වරු 6.00 පසුවී විනාඩි 6 ට යෙදී තිබූ සුබ මොහොතින්.
    අද ඇසළ පෙරහැර මංගල්යයේ දෙවන කුඹල් පෙරහැර දකුණු දිශාභිමුඛව, පස්වරු7 .27ට විථි සංචාරය කිරීමට නියමිතයි.
     
    ඊයේ පෙරහරේ කරඬුව වැඩම කරවනු ලබුවේ, දළදා මාලිගාවේ ඉන්දිරාජා හස්තියා විසින්. දෑලේ ගමන් කරනු ලැබුවේ කෝට්ටේ රාජා සහ මියන් රාජා හස්තීන්.
     
    කුඹල් පෙරහැරට අලි ඇතුන් 40 දෙනෙකු සහ නැටුම් කණ්ඩායම් 20 කට අධික සංඛ්යාවක් එක් කර සිටියා.
     
    පෙරහර නැරඹීමට දෙස් විදෙස් බොහෝ පිරිසක් ඊයේ උදේ සිටම මහනුවර නගරයට පැමිණ සිටියා. කුඹල් පෙරහර 5 ක් ලබන 14 වැනිදා දක්වා වීථි සංචාරය කෙරෙන අතර, පළමු රන්දෝලි පෙරහර ආරම්භ වන්නේ, ලබන 15 වැනිදායි.
     
    අගොස්තු 19 වැනිදා අවසන් රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතයි. අද පෙරහැර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, රජවීදිය ඔස්සේ ඉහළට විත් ගෙවදීමට නියමිතයි.
     
    දේශීය සංස්කෘතිකාංග රැසකින් පෙරහැර වර්ණවත් කිරීමට සංවිධායක මණ්ඩලය මෙවර කටයුතු කර තිබෙන බවයි, අප වාර්තාකරු වාර්තා කළේ.

    Latest News