ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්

අගෝ 06, 2024

    ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක් නැවත ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

    වර්තමානයේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලී අනුපාතිකය සියයට 8 යි දශම 5 ක් දක්වා සැලකිය යුතු මට්ටමකින් අවප්‍රමාණය වී තිබේ.

    ඒ හේතුවෙන්, බහුතරයක් ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් හිමිකරුවන් විසින්  සිය තැන්පතු මුදල් ආපසු ලබා ගෙන තිබෙනවා.

    ඒ අනුව, අවුරුදු 60 ට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ උපරිම රුපියල් මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය සියයට 10 ක් ලෙස අවුරුදු 2 ක කාලයක් සඳහා ලබාදීමට තීරණය කරනු ලැබුවා.

    Latest News